රටක් කම්පා කළ පල්ලේකැලේ සිදුවීමෙන් මියගිය සිසුවෙකුගේ මවකගේ විලාපය ඇසූවන්ගේ හදවත් කම්පා කරයි

ඒ මවකගේ දුක් අදෝනාවක්.. ඇය ලංකාවට එනවිට මේ ලෝකේ ඇය පණටත් වඩා ආදරය කළ පුතා මේ ලෝකය හැරදා ගිහින්..

බොහෝ දෙනෙක් කතා කළ ඒ සංවේදී පුවත අස්සේ මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය, පෞද්ගලික බස් රථයක ගැටුණේ පෙරේදා උදෑසන කාලයේදීයි.

ඒ අනතුරෙන් මෙම සිසුන් දෙදෙනාටම ජීවිත අහිමි වුණා. මේ ආරංචිය ලද එක් මවක් ඒ පණිවිඩය ලැබෙන විට හිටියේ ගුවන් තොටුපළකයි.

ඇය ලංකාවට පැමිණෙන අතරවාරයේ සමාජමාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් එක්කරලා තිබුණා. සිදුවුණු දේ නොදැන සමාජමාධ්‍යවල ප්‍රචාරය වන කතා ගැන ඇය මෙහිදී හැඬූ කඳුළින් පැවසුවේ සංවේදී කතාවක්.

තමන්ගේ දරුවා එදා මේ විදිහට ගිහින් තිබුණේ එදා දවසේ වාර්ශික ක්‍රිකට් තරගයට නියමිත වැඩකටයුතු වෙනුවෙන් ලු.

කොහොම වුණත්, ඒ අනපේක්ෂිත සිදුවීමෙන් පස්සේ ජීවත් වෙන්න හුස්ම හොයන මේ මවගේ සංවේදී වීඩියෝව සමාජ මාධ්‍ය තුළ කාගේත් නෙතට කඳුලක් ගෙන දෙන වීඩියෝවක් වුණා..

ඇයගේ අවසන් ඉල්ලීම වුණේ තමන්ගේ පුතුගේ නිසල දේහය දකින තුරු ඇයට ලංකාවට එන්න ශක්තියක් වෙන්න පැතිර යන අසත්‍ය කතා නවත්වන ලෙසයි.

එය ඇත්තටම තවත් එක් හඳ කම්පා කරන මොහොතක මවකගේ සංවේදී ඉල්ලීමක් වුණා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *