අතීතය වෙනස් කර අනාගතයට අභියෝග කල චිත්‍රපට අධ්‍යක්ෂකවරයා.
අනෙක් හැම දෙයක්ම මෙන් ම කාලයේ ද අධිපතියන් බවට පත්වීමට සොබාදහමේ නීති හසුරුවන්නට මිනිසාට හැකියාව තිබේ ද? එවන් හැකියාවක් ලැබේ නම් අතීතය වෙනස් කරන්නට අපට පුළුවන් ද? එසේ වෙනස් කළහොත් කාල විරුද්ධාභාසයක් (Time paradox) ගොඩනැඟෙනු ඇති ද? කාලය හරහා ගමන්කොට අතීතය වෙනස් කරන්නට සමත් කාල යන්ත්‍රයක් නිපදවීම සැබවින් ම සිහිනයක් පමණක් ද..? කාලය හරහා ගමන් කිරීම විද්‍යා ප්‍රබන්ධවලට පමණක් සීමා වූ මන:කල්පිතයක් ද? "මිදුණු විශ්වය". ආදරය වෙනුවෙන් කාලය හරහා ගමනක් තමයි මිදුණු විශ්වය කියන්නේ. අතීතයේ ජීවත් වූ සුරූපී නිළියකට පෙම්බැඳි අපේ කාලයේ රංගාචාර්‍යවරයෙක් ගැන ගෙතුණු ලස්සන කතාවක් ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කොට සිනමා පටයක් ලෙස ඔබ වෙත ගෙන ඇත. මෝහනය මාධ්‍යක් කරගෙන කාලය හරහා ගමන් කරන වරේන්‍ය වික්‍රමසිංහ 1963 ජීවත් වූ සුරූපි නිළියක් වන රාජිණි මදිරාක්ෂි හා පෙමින් බැඳේ. "මම තෝව මරනවා". මුළු සිනමාපටය පුරාවටම හාස්‍ය උපදවන දෙබස් මාලාව මෙයයි. ඩන්කන්. ඒ රාජිණිගේ සැමියායි. රේස් ඔට්ටු දැමීමටත්, සල්ලාල ජීවිතයක් ගත කිරීමටත් පුරුදු වී සිටින ඔහුගේ එකම සිහිනය රාජිණිට සරසවි සම්මානයක් දිනා දීමයි. මේ සියල්ල මිදුණු විශ්වය සිනමාපටය තුල ඉතා නිර්මාණාත්මකව ගෙනහැර දැක්වීමක් ජයන්ත චන්ද්‍රසිරි විසින් සිදුකර ඇත.   Article by, Samitha Roshan    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *