හදිසි හෘද සැත්කමක් සඳහා මාර්තු මස 15 දා සිංගප්පුරුව ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පෙරවරුව යළි දිවයිනට පැමිණ ඇත.
සැත්කමින් පසුව වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේකයෙන් ගත කරමින් සිටී රනිල් වික්‍රමසිංහට සිංහල අවුරුද්දෙන් පසුව ලංකාවට පැමිණෙන ලෙසට ඔහුගේ හිතවතුන් යෝජනාකර තිබිණ.
එහෙත් හැකි ඉක්මනින් ලංකාවට ගොස් නිවසේ සිට හෝ දේශපාලන වැඩ මෙහෙයවීම රනිල්ගේ අදහස වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසිය.
ජනතාවට අසීරු කාලයකදී ලංකාවේ සිටිය යුතු බව රනිල්ගේ ස්ථාවරය වූ බවද වජිර අබේවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.
හදවත් සැත්කමකට ලක් වු රනිල් වික්‍රමසිංහ ගේ සුව දුක් බැලීමට සිංගප්පුරුවේ හිටපු විදේශ ඇමති ඝෙඔර්ගෙ යෙඔ යොන්ග්-ඹූන් පසුගියදා රෝහලට පැමිණ සිටියේය.













Leave a Reply